
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අහංගම ගොයියපාන මුහුදු තීරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශීය කාන්තාවක් බේරාගැනීමට ඊයේ (01දා) දහවල් මුහුදුට පනිනු ලැබූ පුද්ගලයකු දියවැලකට හසුවීමෙන් ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව අහංගම පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන් වී ඇත්තේ ගොයියපාන අහංගම ප්‍රදේශයේ පදිංචි ජයවීර පටබැඳිගේ ප්‍රභාත් බුද්ධික නමැති (43) ත්‍රිරෝද රථ රියැදුරෙකි.
දියේ ගිලීමෙන් සිටි විදේශීය කාන්තාව දිවි බේරාගෙන ඇත.
විදේශීය කාන්තාව තවත් විදේශීය මිතුරියන් දෙදෙනකු සමග ගොයියපාන වෙරළ තීරයට පැමිණ දිය නාමින් සිට තිබේ.
මෙකී විදේශීය කාන්තාවගේ මිතුරියන් දෙදෙනා ගොඩට වී සිට ඇත.
ඇය ගලක එල්ලී කෑගසමින් සිටියදී දියේ ගිලීමෙන් අතුරුදන් වූ පුද්ගලයා විදේශීය කාන්තාව බේරාගැනීම සඳහා දියට පැන තිබේ.
ඒ සමග ඔහු දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා ඇති බව අහංගම පොලිසිය කියයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart