
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම සතියේදී සඳ වෙනදාට වඩා දීප්තියෙන් හා විශාලත්වයෙන් දිස්වනු ඇති බවත් මේ මාසයේ දින තුනක් පුරා ‘සුපිරි සඳ'(Supar Moon) පවතිනු දැකගත හැකි වන බවත් නාසා ආයතනය සඳහන් කරයි.
බක් මූන් (Buck Moon) ලෙසින් හැඳින්වෙන එය පෘථිවිය වටා ගමන් කරන විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා සමීප වනු ඇත.
පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් චන්ද්‍රයාගේ කක්ෂය පරිපූර්ණ කවයක් නොවන අතර, ඒ වෙනුවට එය දිගටි කවයක් හෝ ඕවලාකාරයක් වැනි ඉලිප්සාකාර වීම මෙයට හේතුව ලෙස ඔවුන් දක්වා තිබේ.
සුපිරි සඳක් දිස්වන්නේ චන්ද්‍රයා එහි කක්ෂයේ පෘථිවියට ආසන්නතම ස්ථානයේ සිටින විට සහ පූර්ණ චන්ද්‍ර අවධියේදී ය.
ජූලි මාසයේ පූර්ණ චන්ද්‍රයාට Buck Moon යන ඇමරිකානු නාමය ලබා දී ඇත්තේ, පිරිමි මුවන්ගේ අං ජූලි මාසයේදී පූර්ණ වර්ධනයේ පවතින බැවිනි.
අගෝස්තු මාසයේ දිස්වන පූර්ණ චන්ද්‍රයා, මේ වසරේ පෘථිවියට සමීප වන එකම සුපිරි සඳ වනු ඇති බව ද නාසා ආයතනය සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart