
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්රිත්සාර් දිස්ත්‍රික්කයේ ඉන්දියා-පකිස්තාන අන්තර්ජාතික දේශසීමාවට ආසන්න ගම්මානයක පියාසර කරන වස්තුවක් පිළිබඳව ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඉන්දීය දේශසීමා ආරක්ෂක භට පිරිස් විසින් ඩ්‍රෝන යානයක් සොයාගෙන ඇත.
භරෝපාල් ගම්මානයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙලෙස සොයාගෙන ඇත්තේ, චීනයේ නිෂ්පාදිත quadcopter ආකෘතියක් වන DJI Mavic 3 Classic වර්ගයේ ඩ්‍රෝන යානයකි.
මේ අතර දේශසීමා ආරක්ෂක හමුදාව සහ පන්ජාබ් පොලිසිය ඒකාබද්ධව සිදුකළ තවත් මෙහෙයුමකදී පන්ජාබ් ප්‍රාන්තයේ ෆෙරෝස්පූර්හිදී කැඩුණු පාකිස්තාන ඩ්‍රෝන යානයක් සොයාගෙන තිබේ.
මෙය ඩ්‍රෝන යානා යොදාගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට පාකිස්ථානයට සම්බන්ධ ජාවාරම්කරුවන් ගත් තවත් උත්සාහයක් බව ආරක්ෂක අංශ පවසයි.
දේශසීමාව අසල සිදුකළ තවත් මෙහෙයුමකදී හෙරොයින් පැකට් කිහිපයක් සහ ඩ්‍රෝන් බැටරියක් ද සොයාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart