
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාවට පක්ෂග්‍රාහී ලෙස තොරතුරු විකෘති කළ බවට චෝදනා එල්ලවන ආයතනකට සහ එක්සත් රාජධානිය සහ මිත්‍ර රටවලට එරෙහිව සයිබර් ක්‍රියාකාරකම් සිදුකළ බවට චෝදනා එල්ල වන චීන සමාගම් දෙකකට බ්‍රිතාන්‍යය සම්බාධක පනවා තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් යෙවෙට් කූපර් පවසන්නේ යුරෝපය පුරා, ප්‍රජාතන්ත්‍රවාදය අස්ථාවර කිරීමට, තීරණාත්මක ජාතික යටිතල පහසුකම් දුර්වල කිරීමට සහ අවශ්‍යතා අඩපණ කිරීමට නිර්මාණය කර ඇති භෞතික මට්ටටමේ සිට සයිබර් සහ තොරතුරු යුද්ධ දක්වා ක්‍රියාකාරකම් නිරීක්ෂණය වන බවයි.
විදේශ කාර්යාල ප්‍රතිපත්ති පත්‍රිකාවක් නිකුත් කළ නව සම්බාධක ලැයිස්තුවට රුසියානු මාධ්‍ය ආයතනයක් වන රයිබාර් ද ඇතුළත් වේ.
රයිබාර් යනු ටෙලිග්‍රෑම් නාලිකාවක් සහ භාෂා 28කින් අනුබද්ධිත ජාලයක් සමග ලොව පුරා මිලියන ගණනක් කරා ළඟා වන මාධ්‍ය ආයතනයකි.
එය ක්‍රෙම්ලිනයට පක්ෂව ගෝලීය සිදුවීම් පිළිබඳ සිදුවීම් හැඩගැස්වීම සඳහා ව්‍යාජ ‘පරීක්ෂණ’ සහ AI භාවිතයෙන් සකස් කරන ලද අන්තර්ගතයන් භාවිත කර ඇති බවට ද ඇය චෝදනා කළාය.
‘ස්වාධීන ආයතනයක් ලෙස වෙස්වලා ගෙන’ සිටින රයිබාර් වෙත රුසියාවේ පරිපාලනය මගින් අර්ධ වශයෙන් අරමුදල් සපයන බවත් ඔවුන් රුසියානු බුද්ධි අංශ සමඟ වැඩ කර ඇති බවත් ඇය පැවසුවාය.
රුසියානු GRU විදේශ බුද්ධි ඒජන්සියේ පෙරමුණක් ලෙස චෝදනා ලැබ සිටින ප්‍රව්ෆොන්ඩ් පදනමට ද සම්බාධක පනවා ඇත.
“රහසිගතව නිකුත් වී ඇති වාර්තාවලින් පෙනී යන්නේ ප්‍රව්ෆොන්ඩ් බටහිර ප්‍රේක්ෂකයන්ට ක්‍රෙම්ලිනය පිලිබඳ අදහස් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම වරදකරුවන් වූ රුසියානු ඝාතකයන් සහ ආයුධ ජාවාරම්කරුවන් සඳහා නීතිමය ආරක්ෂාවන් සඳහා අරමුදල් සපයන බවයි,” යනුවෙන් කූපර් පැවසීය.
සම්බාධක යටතේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ චින්තනයට සහ ඔහුගේ චින්තන පර්ෂදය වන භූ දේශපාලනික විශේෂඥතා මධ්‍යස්ථානයට බොහෝ සෙයින් බලපෑම් කළ බව සැළකෙන ජාතිකවාදී රුසියානු දාර්ශනිකයකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින්ට ද පහර වැදී ඇත.
මේ අතර එක්සත් රාජධානියට සහ මිත්‍ර රටවලට එරෙහිව ඔවුන්ගේ දැවැන්ත හා විචක්ෂණශීලී සයිබර් ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් චීනය පදනම් කරගත් i-Soon සහ Integrity Technology Group යන සමාගම් වෙත සම්බාධක පනවා තිබේ.
“මෙවැනි ප්‍රහාර අපගේ සාමූහික ආරක්ෂාවට සහ අපගේ මහජන සේවාවන්ට බලපානවා, නමුත් වගකිවයුත්තන් ඔවුන් ඉලක්ක කරන්නේ කවුරුන්ද හෝ කුමක් දැයි නොසළකා හරිමින් ක්‍රියා කරනවා. ඒ නිසා අපි එවැනි නොසැලකිලිමත් ක්‍රියාකාරකම් පාලනයකින් තොරව සිදු නොවන බවට සහතික වෙනවා,” යැයි ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart