
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු කුළී හේවා කණ්ඩායමක් වන ‘වැග්නර්’ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනම් කිරීමට එක්සත් රාජධානි රජය සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව එම සංවිධානයේ සාමාජිකයකු වීම හෝ ඊට සහයෝගය දැක්වීම නීතිවිරෝධී ක්‍රියාවන්ට අයත් වනු ඇත.
මේ වන විට කෙටුම්පත් කර ඇති බව පැවැසෙන අදාළ තහනමට අදාළ ලියවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ හරහා සංවිධානයේ වත්කම් ත්‍රස්තවාදී දේපළ ලෙස සලකා රාජසන්තක කිරීමට කටයුතු කරන බව ද සදහන් වේ.
වැග්නර් කණ්ඩායම වරක් රුසියානු හමුදාවට එරෙහිව යුද ප්‍රකාශ කළ අතර, ඉන් සුළු කලකට පසුව වැග්නර් නායක යෙව්ගිනි ප්‍රිගෝෂින් හදිසි ගුවන් අනතුරකින් මරණයට පත්විය.
බ්‍රිතාන්‍ය ස්වදේශ ලේකම්වරයා පවසා ඇත්තේ, වැග්නර් යනු ප්‍රචණ්ඩත්වය සහ විනාශකාරීත්වය පතුරන රුසියාවේ වැලැඩ්මීර් පුටින්ගේ හමුදා මෙවලමක් බවයි.
එය යුක්රේනය තුළ සහ අප්‍රිකාව තුළ ක්‍රියාත්මක වන අතර ඉදිරියේ දි ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් වනු ඇතැයි ස්වදේශ ලේකම්වරයා පවසා ඇත.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ වැග්නර් කණ්ඩායම එහි ප්‍රධාන කාර්‍යභාර්‍යක් ඉටු කර ඇති අතර සිරියාව,ලිඛියාව, මාලි ඇතුළු අප්‍රිකාවේ රටවල එය ක්‍රියාත්මක වී ඇත.
යුක්රේන පුරවැසියන් වධහිංසා පමුණුවා ඝාතනය කීරීම ඇතුළු අපරාධ ගණනාවක් සදහා වැග්නර් සටන්කරුවන්ට චෝදනා එල්ල වී තිබේ.
2020 දී වැග්නර් සොල්දාදුවන් ලිඛියානු අගනුවර වන ට්‍රිපොලි අවට බිම් බෝම්බ අටවා ඇති බවට ද වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart