
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරමේ සමූහ මිනීවළවල් දෙකකින් හමු වූ මිනිස් අස්ථි කොටස්වල සාම්පල් ඇමරිකාවේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාල රසායනාගාරය වෙත යවා කාබන් පරීක්ෂණයක් සිදුකිරීමට මන්නාරම අධිකරණය පසුගිය 16 දා අවසර ලබා දී තිබේ.
ඒ මන්නාරම සතොස වෙළෙඳ සැල අසලින් හා මන්නාරම තිරුකේතීස්වරන් ප්‍රදේශයෙන් හමුවූ සමූහ මිනීවළවල් දෙකෙන් ගොඩගන්නා ලද මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් වූ නඩු දෙක මන්නාරම අධිකරණයේදී විභාග වූ අවස්ථාවේදීය.
මෙම මිනිස් අස්ථි කොටස්වල ස්ත්‍රී-පුරුෂභාවය, කාලවකවානුව, මියගිය ආකාරය වැනි කරුණු අනාවරණය කරගැනීමට මන්නාරමේ හා ශ්‍රී ලංකාවේ ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා ඒවා ඇමරිකාවට යැවීමට නීතිඥයන් විසින් අධිකරණයෙන් කළ ඉල්ලීම සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart