
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (28) අලුයම 5ට පමණ වරනාසි බලා පිටත්වීමට නියමිතව තිබූ ඉන්ඩිගෝ 6E2211 ගුවන් යානයක වැසිකිළියක තිබී ‘bomb @5.30’ යනුවෙන් ලියා ඇති කඩදාසියක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී ඇති නමුත් යානය පරීක්ෂා කිරීමේදී එය ප්‍රෝඩාවක් බව ඉන්දීය පොලිසිය සදහන් කර තිබේ.
යානය ඉන්දිරා ගාන්ධි අන්තර්ජාතික ගුවන් තොටුපොළින් පිටත්වීමට සූදානම් වනවිට නියමුවා විසින් වැසිකිළියක තිබී කඩදාසි කැබැල්ලක ලියා තිබූ තර්ජනය සොයාගත් බව වාර්තා වේ.
බෝම්බ බිය හේතුවෙන් යානයේ සිටි සියලුම කාර්ය මණ්ඩලය සහ මගීන් 176 දෙනකු ඉවත්කර සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
සැකකටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බවත් ඒ පිලිබදව වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් පොලිසිය සදහන් කරයි.
ඒ අනුව, මගීන් වෙනත් ගුවන් යානයකින් වරනාසි වෙත පියාසර කරන අතර, අදාළ යානය පෙරවරු 11ට පිටත්වීමට අපේක්ෂා කරන ලද බව ඉන්ඩිගෝ ප්‍රකාශකයකු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart