
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ, මහනුවර, නුවරඑළිය, ඇල්ල, හම්බන්තොට සහ කළුතර යන ප්‍රදේශ බොලිවුඩ් චිත්‍රපට සහ අන්තර්ජාල කතා මාලා නිෂ්පාදනයේ පසුතල ලෙස යොදා ගැනීමට අවධානය යොමුවී තිබේ.
පද්මාවත්, බජිරාවෝ මස්තානි, ගලිබෝයි, එයාර් ලිෆ්ට්, ලස්ට් ස්ටෝරීස් වැනි නිර්මාණ නිෂ්පාදනයට සම්බන්ධ වූ දැවැන්ත බොලිවුඩ් නිෂ්පාදන සමාගම් නියෝජිතයන් පිරිසක් පසුගියදා මෙම ස්ථානවල සංචාරය කරමින් තම නිෂ්පාදන රෑගත කිරීමේ අවස්ථා සොයා බලා ඇත.
මෙරට සංචාරක කර්මාන්තය දිරිගැන්වීමේ අරමුණ ද සහිතව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර ඊට අදාළව ශ්‍රී ලංකා සංචාරක නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන සහ චිත්‍රපට කර්මාන්ත හවුල්කරුවන් සමග මෙම බොලිවුඩ් නිෂ්පාදකයන් සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා තිබේ.
හොලිවුඩය ද අභිබවා යමින් ඉන්දියාව මේ වන විට ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදකයා බවට පත්ව ඇති අතර වාර්ෂිකව ඉන්දියාව චිත්‍රපට 2000කට අධික සංඛ්‍යාවක් සහ අන්තර්ජාල කතා මාලා රැසක් නිර්මාණය කරයි.
ඉන්දියානු විනෝදාස්වාද කර්මාන්තය හරහා ශ්‍රී ලාංකේය ස්ථාන, දේශීය සංස්කෘතිය සහ ජීවන රටාව ජනප්‍රිය කිරීම තුළින් ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාව තවදුරටත් ආකර්ශණීය ගමනාන්තයක් බවට පත් කිරීමට මෙම නව වැඩසටහන උපකාරී වනු ඇති බව විශ්වාස කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart