January 8, 2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැන් විපක්ෂයේ තිබෙන්නේ ලොකු අවධානයක්.

මේ අය ආණ්ඩුව කරපු කාලයකුත් තිබුණා.

ඒ කාලේ පොඩ්ඩක් මතක්කර ගමුද?

”කුප්‍රකට ටැබ් ගනුදෙනුව”

ඒ කාලයේ අධ්‍යාපන අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ අකිල විරාජ් කාරියවසම්.

උසස් පෙළ දරුවන්ටයි ගුරුවරුන්ටයි ටැබ් දෙන්න යෝජනාව ආවේ 2017 අයවැයට.

වෙන් කරපු මුදල රුපියල් බිලියන 05 ක්.

දරුවන්ට ගුරුවරුන්ට ටැබ් දෙන්න අදාළ යෝජනාව 2018 වසරේ පෙබරවාරි 18 වනදා කැබිනට් එකට ආවා.

ඒ කාලෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ වෙලාවෙ යෝජනාව තව අධ්‍යයනය කරන්න කියලා උපදෙසක් දුන්නා.

ඒත් අකිල විරාජ් මේක ආයේ කැබිනට් එකට ගෙනාවේ අර මුල් පත්‍රිකාවෙ කිසිම වෙනසක් කරන්නේ නැතිව.

මතකනේ ඒ කාලෙ අර වෙනම ආර්ථික කට‍යුතු කරන්න අනු කමිටුවක් එහෙමත් තිබුණා.

ඒ වෙලාවෙ ජනාධිපතිවරයා කිව්වේ අකිල විරාජ් තමන්ගෙ උපදෙස් අනුව වැඩකරලා නැහැ කියලා.

2019 රාජ්‍ය ආයතනවල වංචා දූෂණ හොයන්න පත් කරපු ජනාධිපති කොමිසමෙදි තමයි වැඩේ අගමුල හෙළිවුණේ.

ටැබ් ගන්න ලන්සු කැඳවීම අවස්ථා 4 කදී කල්දාලා තිබුණා.

ලන්සු විවෘත කිරීමෙන් පසුව ඇගයීම් කමිටුවට විදුලි සන්දේශ නියාමන කොමිසමේ නියෝජිතයා ඇතුලු නියෝජිතයින් තිදෙනෙකු සහභාගි වෙලා තිබුණේ නැහැ.

ලන්සු කැඳවලා තෝරගත්ත සමාගම ඉදිරිපත් කරපු මිල අනුව ව්‍යාපෘතියට රුපියල් බිලියන 7.4 ක් යනවා.

එතකොට වෙන්කරලා තිබුණේ රුපියල් බිලියන 05 යි.

ඊට පස්සේ තෝරාගත් සමාගම සහ තවත් සමාගමක් එක්ක කතාකරලා මිල අඩු කර ගන්න හැදුවා.

ලන්සු ඉදිරිපත් කරපු සමාගම් 8 එක්ක කතානොකර කරපු මේ වැඩේ කොමිෂන් සභාවෙ විනිසුරුවරුන් ප්‍රශ්න කළා.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති කොමිසම හමුවේ කිව්වේ කරන්න තිබ්බ වැඩේ තමයි ඒක කියලා.

හැබැයි එහෙම කළේ නැහැ.

මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතා අවලස්සන එකක් බව ජනාධිපති කොමිසමට ආව ඒ කාලෙ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රසම්පාදනය පිළිබඳ අතිරේක ලේකම්වරයා පැහැදිලිව ප්‍රකාශ කළා.

අකිල විරාජ් කැබිනම් මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාවට අනුව නිර්දේශ කරලා තිබුණේ අවම මිල ඉදිරිපත් කරපු සමාගම නෙමෙයි.

තුන්වෙනියට අවම මිල නියම කරපු සමාගමේ ලන්සුව තෝරගන්න කියලා ඒකෙ තිබ්බේ.

ඒ කියන්නේ දළ වශයෙන් රුපියල් කෝටි 120 ක නාස්තියක් වෙන ගනුදෙනුවක්.

මිල වැඩි ලන්සුව තෝරගන්න කලින් නැති නිර්ණායක වගයකුත් අලුතෙන් දාලා තිබුණා.

දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න බව සහ කල්පැවැත්ම කියලා.

ටැබ් ගන්න මුදල රුපියල් බිලියන 6.78 ක් දක්වා වැඩි කරගන්න කැබිනට් පත්‍රිකාවකුත් ආවා.

හොඳම වැඩේ මෙතරම් විශාල මුදලක් යොදවලා ගන්න ගියේ යල්පැන ගිය තාක්ෂණයකින් යුතු ටැබ්.

කොහොමහරි මෙම ගනුදෙනුව ගැන කතාව එතනින් යටගියා.

පහතින් දැක්වෙන්නේ මෙම ගනුදෙනුව පිලිබඳ සම්පුර්ණ කතාවයි.