
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුව එළඹෙන නොවැම්බර් 13 වන දින රුපියල් මිලියන 250,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට නියමිත බව දැනුම්දෙයි.
මෙය මෙතෙක් ඉතිහාසයේ එක් වරක දී නිකුත් කිරීමට නියමිත වටිනාකමින් වැඩිම බැඳුම්කර නිකුතුව ලෙසින් හැඳින්විය හැකිය.
කාණ්ඩ 03ක් යටතේ මෙම වෙන්දේසිය පැවැත්වෙන අතර එහිදී 2027 ජනවාරි 15 දින කල්පිරෙන අයුරින් රුපියල් මිලියන 60,000 ක්, 2028 මාර්තු 15 දින කල්පිරෙන අයුරින් රු. මිලියන 110,000 ක් සහ 2031 මාර්තු 15 දින කල්පිරෙන අයුරින් රුපියල් මිලියන 80,000 ක් බැගින් වන පරිදි මෙම බැඳුම්කර නිකුතුව සිදුකෙරෙනු ඇත.
රුපියල් මිලියන 250,000 ක් යනු රු. බිලියන 250 කි. එනම් රුපියල් ට්‍රිලියන 1/4 ක ප්‍රමාණයකි.
2023 නොවැම්බර් 13 දින 2024 වසරෙ සඳහා වන අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.(AD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart