
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
භූතානයේ අගමැති දශෝ ෂෙරින් ටොබ්ගේ ඉන්දියාවට පැමිණ තිබේ.
ඒ දින 05 ක නිල සංචාරයක් සඳහායි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව භූතාන අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉන්දු සංචාරය සිදු කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉකුත් ජනවාරි මාසයේදී බලයට පත් භූතාන අග්‍රාමාත්‍යවරයාගේ පළමු විදෙස් සංචාරය මෙයයි.
ඉන්දියාවට පැමිණි ඔහුව ඉන්දියාවේ මධ්‍යම පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය අශ්විනි චෝබේ විසින් ගුවන් තොටුපළේදී පිළිගනු ලැබුවේය.
භූතාන අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ කටයුතු සහ විදේශ වෙළඳ අමාත්‍යවරයා, බලශක්ති සහ ස්වභාවික සම්පත් අමාත්‍යවරයා, කර්මාන්ත, වාණිජ හා රැකියා අමාත්‍යවරයා සහ භූතාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියි.
සිය ඉන්දීය සංචාරය අතරතුර භූතාන අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ද්‍රෞපදි මුර්මු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා එක්වීමට ද නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart