
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෙන්තොට ප්‍රදේශයේ වෛද්‍යවරයකු ලෙස පෙනීසිටිමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිත කොට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තොට, මිරිස්වත්ත ගල්තුඩුව පදිංචි මොහොමඩ් බුසුර්දීන් මොහොමඩ් නිෂාම් නමැති 34 හැවිරිදි එක් දරු පියෙකි.
සැකකරු විසින් රුපියල් කෝටියකට අධික මුදලක් මෙසේ ලබා ගෙන ඇතැයි පැවසේ.
එක් අයකු විදේශගත කිරීම සඳහා රුපියල් ලක්ෂ අටහමාර බැඟින් තරුණයන් දහතුන් දෙනකුගෙන් මුදල් ලබා ගෙන ඇති අතර අම්බලන්ගොඩ, අනුරාධපුර, ගාල්ල, බෙන්තොට හා ඌරගස්මංහන්දිය ඇතුළු ප්‍රදේශවල පිරිසක් මෙම වංචාවට හසුවී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. සැකකරු විසින් බෙන්තොට මිරිස්වත්ත ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යමින් වෛද්‍යවරයකු ලෙසද පෙනී සිටිමින් වසර ගණනාවක් රෝගීන්ට ප්‍රතිකාර කොට ඇති අතර මේ සඳහා ඔහුට සහාය වූ ඔහුගේ බිරිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් මඟහැර සැඟවී සිටින බවද පැවසේ.
මෙම සැකකරුට මුදල් ලබාදුන් පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් මත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අත්අඩංගුවට ගෙන සිටි සැකකරු ඊයේ (4) කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ 16 දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart