
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමා පාකිස්තාන සංචාරයේ නිරතව සිටින අතරතුර තම නිවසට පිරිසක් පැමිණ සොරකමක් සිදුකර ඇති බවත්, එම සොරකම් කළ භාණ්ඩ ආපසු ලබාදෙන ලෙසත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ඉල්ලීමක් කරයි.
පහතින් දැක්වෙන්නේ ඔහුගේ එම ඉල්ලීමයි.
“ඔක්තෝබර් 17 වැනි බ්‍රහස්පතින්දා සවස මුහුණු ආවරණය කරගත් පිරිසක් ඊසානදිග කාසල් ඊඩ්න් ප්‍රදේශයේ පිහිටි මගේ නිවසට පැමිණ සොරකම් කළා.
ඔවුන් පළාගියේ ස්වර්ණාභරණ, වෙනත් වටිනා භාණ්ඩ සහ පෞද්ගලික භාණ්ඩ රැසක් රැගෙනය. එම භාණ්ඩ බොහොමයක් මට සහ මගේ පවුලේ අයට සැබෑ හැඟීම්බර වටිනාකමක් ඇත. ඒවා නැවත නිර්මාණය කරගත නොහැකි ය.
මෙම ක්‍රියාව සිදුකළ මෙම පුද්ගලයන් සොයාගැනීමට උදව් ඉල්ලා සිටිනවා.
මේ අපරාධයේ නරකම දෙය නම් මගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා නිවසේ සිටියදී එය සිදුකර තිබීමයි.
වාසනාවකට මෙන්, මගේ පවුලේ කිසිවකුට ශාරීරික හානියක් සිදුවී නැහැ.
කෙසේවෙතත්, මෙම අත්දැකීම ඔවුන්ගේ මානසික තත්ත්වය කෙරෙහි බලපා ඇති බව තේරුම් ගැනීමට පුළුවන්.
අපට සිතිය හැක්කේ මේ තත්ත්වය කෙතරම් දරුණු විය හැකි දැයි යන්න පමණකි.
මෙයට වගකිව යුතු පුද්ගලයන් සොයාගැනීමට අපට හැකි වනු ඇතැයි අපේක්ෂාවෙන්, මම සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක ඡායාරූප නිකුත් කරනවා. ඒවා පහසුවෙන් හඳුනාගත හැකි යැයි මම බලාපොරොත්තු වෙනවා.
අපට වටිනා දේ අහිමි වුවත්, පැහැදිලිවම කිවහොත්, මෙම ඡායාරූප බෙදාගැනීමට මගේ එකම වුවමනාව වන්නේ, මෙම වටිනා අයිතම නැවත ලබාගැනීමම නොවෙයි. මට අවශ්‍ය මෙය සිදුකළ අය අල්ලා ගැනීමට.
අවසාන වශයෙන් මම පොලිස් සේවයට ස්තුතිවන්ත විය යුතුයි. දැන් සහ මම පාකිස්ථානයේ විදේශගතව සිටියදී, මගේ පවුලට ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය විශිෂ්ටයි. ඔවුන් මෙම පුද්ගලයන් සොයාගැනීමට ඇදහිය නොහැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart