
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වලසකු කඩාවැදීම හේතුවෙන් ගුවන් තොටුපොළක මෙහෙයුම් සඳහා බාධා එල්ල වූ පුවතක් ජපානයෙන් වාර්තා වේ.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ, උතුරු ජපානයේ යමගාටා ගුවන් තොටුපොළීනි.
ගුවන් තොටුපොළට කඩාවැදී තිබුණේ කළු වලසකු වන අතර, ඒ හේතුවෙන් ගුවන් පථය වසාදැමීම හමුවේ ගුවන් ගමන් ප්රමාදයන් ද වාර්තා විය.
ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩලය වලසා පළවාහැරීමට මෝටර් රථයක් භාවිත කළ නමුත් එය අසාර්ථක වීම හමුවේ අඛණ්ඩව ධාවන පථය වසාදැමීමට සිදුව ඇති අතර සත්වයා ආසන්න ප්රදේශවල සැරිසරමින් සිට ඇති බව වාර්තා වේ.
තත්වය අනුව ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් යමගාටා ගුවන්තොටුපල නිලධාරි අකිරා නාගයි පැවසුවේ ගුවන් ගමන් 12ක් අවලංගු කිරීමට සිදුවූ බවයි.
වලසා අල්ලා ගැනීම සඳහා දඩයම්කරුවන් උගුල් අටවා තිබූ අතර සත්වයා පළායෑම වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් ගුවන් තොටුපළ වටකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart