
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ අද දින සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය රත්නායක පැවසුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.
අවශ්‍ය උපදෙස් සඳහා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය රත්නායක මහතා තවදුරටත් පැවැසීය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත්කරන බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
සුදුසු වේලාවක වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට ද රජය තීරණය කර ඇති බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart