
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුප්‍රකට සුනඛ සෙල්ලම් බඩු නිෂ්පාදන ඇමරිකානු සමාගමක් වන බාර්ක්, සුනඛයන් සහ ඔවුන්ගේ හිමිකරුවන් ප්‍රවාහනය සඳහා පමණක් විශේෂ ගුවන් ගමන් වාර දියත් කිරීමට සැලසුම් කර තිබේ.
බාර්ක් එයාර් වරලත් ගුවන් සමාගම විසින් එම ගුවන් ගමන් දියත් කරනු ඇත.
නිව් යෝර්ක් පෝස්ට් උපුටා දක්වමින් daily.afisha.ru වාර්තා කරනු ලැබුවේ මෙතෙක්, බාර්ක් එයාර් ගුවන් ගමන් ක්‍රියාත්මක වන්නේ නගර දෙකක් සඳහා පමණක් බවයි.
ඒ නිව් යෝර්ක් සිට ලොස් ඇන්ජලීස් දක්වා සහ ලන්ඩන් නගරය දක්වායි.
ඒ සඳහා වන ගුවන් ගමන් ගාස්තු අමෙරිකානු ඩොලර 6 000 සිට 8 000 දක්වා පරාසයක පවතියි.
එහෙත් එම මුදල් වෙනුවෙන් සුනඛයන් සහ එම සතුන්ගේ අයිතිකරුවන්ට උපරිම සේවාවක් ලබා දෙන බව Bark ගුවන් සේවය පවසයි.
සාමාන්‍ය ගුවන් ගමන් මෙන් නොව, මෙම ගුවන් සේවයේදී කුඩා සතුන්ට ගුවන් යානය තුළම විශේෂිත කුටීර සකසා ඇති අතර විශාල ප්‍රමාණයේ සතුන් භාණ්ඩ රඳවන තුළ සුවපහසුව තබනු ඇති.
එමෙන්ම මෙම ගුවන් ගමන් සේවය මගින් සුනඛයන් සඳහා විශේෂ ආසනයක් සපයන බව ද පැවසෙයි.
ගුවන්ගතවීමට සහ ගොඩබෑමට පෙර එම තත්ත්වයට ඔරොත්තු දීම සඳහා සුනඛයන්ට විශේෂ පානයක් පිරිනමනු ලබන බවද Bark සමාගම පවසා තිබේ.
එමෙන්ම සුනඛයන් වෙනුවෙන් සංග්‍රහ, ශබ්දය අවම කරන හෙඩ්ෆෝන් සහ විශේෂිත කබා වර්ග ද එම සේවාවට අයත් වේ.
බාර්ක් එයාර් හි පළමු ගුවන් ගමන මැයි මාසයේදී සිදුවනු ඇතැයි පැවැසෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart