
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයන් අතර යෝජිත විවාදය සඳහා මේ මොහොතේ පහසුකම් නොදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණය කර තිබේ.
ඉකුත් සෙනසුරාදා පැවැති නීතීඥ සංගමයේ මහා සභා රැස්වීමේදී ඒ බව තීරණය කර ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඉකුත් සිකුරාදා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයන් හමුවී සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර විවාදය සංවිධානය කිරීමට සහාය ඉල්ලා ලිපියක් ඔවුන්ට භාර දී තිබේ.
එම ලිපිය පිළිගනිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න කියා තිබුණේ එම ඉල්ලීම ඔවුන්ගේ අවසන් තීරණය සඳහා මහා සභා රැස්වීමට යොමුකරන බවයි.
ඒ අනුව මේ මොහොත වන විට ජනාධිපතිවරණයක් කැඳවා නොතිබීම සහ අපේක්ෂකයන් පිළිබඳව අවිනිශ්චිතභාවයක් පවතින බැවින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම තීරණය ගෙන තිබේ.
එබැවින් අපේක්ෂකයන් දෙදෙනකු අතර පමණක් විවාදයක් පැවැත්වීම මේ මොහොතේ ගැටලූ සහගත බව ද එහිදී පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart