
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලාංකිකයන් මෙරට බැංකුවල තැන්පත් කර ඇති මුදල්වලට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ලංකා බැංකු සේවක සංගමය පෙන්වාදෙයි.
එමනිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී දේශීය තැන්පත්කරුවන්ගේ විශ්වාසය ආරක්‍ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බවද ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක පවසන්නේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය හරහා බැංකු තැන්පතුවලට සහ තැන්පත්කරුවන්ට කිසිදු අයුරකින් හානියක් සිදු නොවන බවත් එබැවින් ජනතාව ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.
“දේශීය ණය යනු විවිධ බැංකු සහ සමාගම් විසින් රජයට ලබාදෙන ණයයි. මේවා බැඳුම්කර සහ බිල්පත්. දේශීය ණය ප්‍රශස්තකරණයට මූළික වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර සහ දෙවනුව භාණ්ඩාගාර බිල්පත් ඇතුළත් වෙනවා. මේ සඳහා වෙනම තාක්ෂණික ක්‍රියාවලියක් පවතිනවා. එම ක්‍රියාවලියේදී ඒවා කළමනාකරණය කිරීමේ හැකියාව බැංකුවලට ඇත. ඒ නිසා බැංකු තැන්පතුවලට සහ තැන්පත්කරුවන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ.” යැයි ලේකම්වරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ උපාය මාර්ගය සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීම සඳහා 2023 ජුනි 29 සිට ජූලි 03 දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා ප්‍රකාශ කළේය.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart