
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගනුදෙනුකරුවන්ගෙන් අයකරන පොළී අනුපාත අඩු කිරීමට ලංකා බැංකුව තීරණය කර ඇත.
ඒ අනුව ලීසිං, රන් භාණ්ඩ අත්තිකාරම්, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය පහසුකම් ලබාගෙන සිටින ගනුදෙනුකරුවන්ගෙන් අය කෙරෙන ණය පොලී අනුපාත ඉදිරි දින කිහිපයේදී අඩු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය අවස්ථා දෙකකදී සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය පහත හෙළීම සමඟ, ඊට සමගාමීව සිය ගනුදෙනුකරුවන්ට සහන සැලසීමේ අරමුණින් ලංකා බැංකුව මෙම පියවර ගෙන තිබේ.
පොළී අනුපාතික අඩුවීම මේ සතියේ ඇරඹෙන අතර, එහිදී කල්බදු(ලීසිං) සඳහා අයකරන පොළිය 16% දක්වාත්, රන් භාණ්ඩ උකස් අත්තිකාරම් පොළිය 20% දක්වාත්, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය පහසුකම්වල පොළිය 17%ත් දක්වා අඩු කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පසුගිය ජූලි 05වැනිදා අවසන් වරට පහත හෙළනු ලැබීය.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 11ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා පදනම් අංක 200කින් අඩු කරනු ලැබීය.
මෙලෙස පොලී අනුපාත පහත හෙළීමේ වාසිය ජනතාවට සහ ව්‍යාපාරවලට ලබාදීම සඳහා කටයුතු කරන ලෙස මහ බැංකුව, බැංකු සහ මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් ද කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart