
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ළදරු කිරි බෝතල් බහාලුමක සඟවා තිබූ ජීව අත්බෝම්බ දෙකක් සහ ජීව පතුරම් තොගයක් සමග පුද්ගලයකු පසුගිය දා (11) සවස අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.
වැලිපැන්න පොලිස් වසමේ සිරිසඳ, කොලැහැකඩ, නවුත්තුඩුව පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
වැලිපැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියකුට ලැබුණු තොරතුරක් අනුව වැලිපැන්න පොලිසියේ නිලධාරීන් කළ වැටළීමකදී මෙම අත්බෝම්බ සමග උණ්ඩ සොයා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක්, ටී 56 වර්ගයේ ජීව පතොරම් 16ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව පතොරම් 2ක්, බෝර 12 පතොරම් 2ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart