
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරිකඩුවාන් ජැටිය වෙත පැමිණෙමින් තිබූ බෝට්ටුවක් තුළදී කාන්තාවක් පෙරේදා (20 දා) පිරිමි දරුවකු ප්‍රසූත කොට තිබේ.
එම කාන්තාව දරු ප්‍රසූතිය සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිය සැමියා බෝට්ටුවෙන් සමග පැමිණ ඇති අතර ඇයට බෝට්ටුව තුළම විළිරුදාව හටගෙන ඇත.
බෝට්ටු ක්‍රියාකරු වහාම මේ පිළිබඳව ඩෙල්ෆ්ට් රෝහලට දැනුම්දීමෙන් පසුව එහි සිට ගිලන් රථ බෝට්ටුවක් වෛද්‍යවරයකු සමග පැමිණෙන අතරවාරයේ කාන්තාව බෝට්ටුව තුළ දරුවා ප්‍රසූත කොට තිබේ.
බෝට්ටුවේ සිටි වැඩිහිටි කාන්තාවන් පිරිසක් ඇය රෙදි වලින් වටකොට ගුරුහරුකම් හා වින්නඹු සේවාවන් ලබාදෙමින් දරුවා ප්‍රසූත කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
මුහුද මැදට පැමිණි වෛද්‍යවරයා රැගත් බෝට්ටුව තුළට කාන්තාව හා දරුවා දමාගෙන ගොස් කුරිකඩුවාන් ජැටියේදී ගිලන් රථයක් ලබාගෙන ඒ දෙදෙනාම යාපනය ශික්ෂණ රෝහලට අතුළත් කොට තිබේ.
යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළේ දරුවා හා මව ඉතා සනීපයෙන් සිටින බවය.
මුහුද මැදදී එම දරුවා උපන් නිසා එම බිළිඳාට කඩල් කුමරන් (මුහුදු කුමාරයා) ලෙස නම තැබීමට මව්පියන් තීරණය කොට තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart