
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමා උපතේ සිට නිදන්ගත වකුගඩු රෝගයකින් පෙළෙන බව ඕස්ට්‍රේලියානු සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් හෙළිකර තිබේ.
ග්‍රීන් හෙළිකළේ, ඔහුගේ මව සති 19ක ගර්භණී ස්කෑන් පරීක්ෂණයේදී මෙම තත්ත්වය හඳුනාගෙන ඇති බවයි.
කැමරන් වයස අවුරුදු 12න් ඔබ්බට දිවි ගලවා ගනීවිද යන්න පිළිබඳ බියක් තිබූ බව ඔහුගේ ක්‍රිකට් දිවිය හැඩගැස්වීමේදී සැළකිව යුතු කාර්යභාරයක් ඉටුකළ ග්‍රීන්ගේ පියා වන ගැරී සඳහන් කර ඇත.
2022 දී සිය පළමු අන්තර්ජාතික T20 ආරම්භය සනිටුහන් කළ ග්‍රීන් පසුගිය වසරේ සිට සියලුම ආකෘති හරහා ඕස්ට්‍රේලියානු සංචිතවල කොටසක් බවට පත්ව සිටියි.
ඔහු පසුගිය මාසයේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන ජයග්‍රාහී සංචිතයේ ද සාමාජිකයෙක් විය.
ඔහු දැනට ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම සමඟ පාකිස්ථානයට එරෙහි තරඟාවලියේ සිටින නමුත් පර්ත්හි ආරම්භක තරඟය සඳහා ක්‍රීඩා නොකරයි.
“මට උපතේදීම නිදන්ගත වකුගඩු රෝගයක් තිබූ බව මගේ මව්පියන් පැවසුවා” ග්‍රීන් ‘චැනල් 7’ වෙත පැවසා ඇත.
ග්‍රීන් පැවසුවේ, ඔහු සිය වෘත්තීය ජීවිතය පුරාම ඔහුගේ නිදන්ගත වකුගඩු රෝගය ඵලදායි ලෙස හැසිරවූ අතර, පසුගිය වසරේ නවසීලන්තයට එරෙහිව කෙයාර්න්ස්හි පැවති එක්දින තරඟයකදී එක් කැපීපෙනෙන සිදුවීමක් ගැන පමණක් කණස්සල්ලක් ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය සඳහා තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී දැඩි වේදනාවකට මුහුණදී ඇත.
ග්‍රීන් සඳහන් කළේ රෝගය මූලික වශයෙන් ඔහුගේ වකුගඩු ආබාධ සමඟ සම්බන්ධ වුවද, ප්‍රමාණවත් තරම් දියර අතිරේක ලබා නොගැනීමෙන් එහිදී බඩේ වේදනාව ඇති වූ බවයි.
“මගේ වේදනාවට බලපාන්නේ මගේ වකුගඩු ක්‍රියාකාරිත්වය බව තේරුම් ගැනීමට මට බොහෝ කාලයක් ගතවුණා.” යැයි ඔහු පවසයි.
මෙම රෝගයෙන් පීඩාවට පත් වූ අනෙකුත් පුද්ගලයන් මෙන් තමා ශාරීරිකව පීඩාවට පත් නොවීම වාසනාවක් ලෙස සළකන බවද ඔහු ප්‍රකාශ කරයි.
“නිදන්ගත වකුගඩු රෝගයේ අදියර පහක් තිබෙනවා, පළමු අදියර අවම වශයෙන් දරුණු වන අතර පස්වන අදියර වකුගඩුවක් බද්ධ කිරීම හෝ ඩයලිසිස් කිරීමයි. වාසනාවකට මෙන්, මම දෙවන අදියරයේ ඉන්නේ. නමුත් මම වකුගඩු ප්‍රමාණවත් ලෙස රැකබලා නොගත්තොත් ප්රශ්නය දරුණු වෙනවා.”යැයි ග්‍රීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart