
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ නැගෙනහිර බොන්ඩි මංසන්ධියේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයක ඊයේ පස්වරුවේ සිදුවූ පිහි ඇනුම් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ අන්න්‍යතාව මේවනවිට හඳුනාගෙන ඇතැයි නිව් සවුත්වේල්ස් පොලීසිය පවසයි.
සැකකරු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු බව ද පොලිසිය තහවුරු කර තිබේ.
පුද්ගලයන් හයදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කළ සැකකරු ජොයෙල් කවුචි නමැත්තකු බව ද නිව්සවුත් වේලස් පොලීසිය පවසා තිබේ.
එම සැකකරු පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබිණි.
සැකකරු පසුගිය මාසයේදී ක්වීන්ස්ලන්තයේ සිට නිව් සවුත්වේල්ස් වෙත පදිංචියට පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
පොලිසිය පැවසුවේ සිද්ධිය සහ සැකකරු සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් සිටින බවයි.
ඔවුන් විමර්ශකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පවසා ඇත.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
එහෙත් ප්‍රහාරය ඝාතකයාගේ මානසික සෞඛ්‍යයට සම්බන්ධ යැයි පොලිසිය අපේක්ෂා කරයි.
නිව් සවුත්වේල්ස් පොලිස් කොමසාරිස් කරේන් වෙබ් පැවසුවේ පිහි ඇනුම් සිදධියෙන් මියගිය පිරිස අතර කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ද වන බවයි.
පිහි ඇනුම් හේතුවෙන් ඔවුන් එම ස්ථානයේදීම මියගිය බව ද ඔහු තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart