
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දූෂණ සිද්ධීන් රැසක් පිළිබඳව කරන ලද විමර්ශනවලදී ඒවාට රාජ්‍ය නිලධාරීන්ගේ ඇති සම්බන්ධය හෙළිදරව් වී ඇති බව ධූරයෙන් ඉවත්ව යන විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න පවසයි.
2019 වසරේ සිට වසර 06ක් ශ්‍රී ලංකාවේ 41 වැනි විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි චූලන්ත වික්‍රමරත්න සිය ධුර කාලය අවසන් කිරීමෙන් පසු ඊයේ විශ්‍රාම ගියේය.
එම අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් අමතමින් විගණකාධිපතිවරයා කියාසිටියේ, දූෂණයට සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ විට දේශපාලනඥයන්ට දොස් පැවරෙන බවයි.
“කෙසේවෙතත්, බොහෝ සිද්ධීන් පිළිබඳ විමර්ශනවලදී සමහර රාජ්‍ය නිලධාරීන් ද සම්බන්ධ බව සොයාගෙන තිබෙනවා. චෙක්පත් සහ වවුචර් අත්සන් කිරීම දේශපාලකයන්ට පමණක් කළ නොහැකියි. රාජ්‍ය නිලධාරීන් විසින් ඒවා සිදුකරනවා. අපි ඉක්මණින්ම මෙයට පිළියම් නොදුන්නොත් අපිට මේ මාර්ගයේම යන්න වෙයි” ඔහු පැවැසීය.
මෙම ගැටලුව විසඳීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කළ හැක්කේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) හරහා පමණක් බව ද ඔහු සඳහන් කළේය.
“නව කෝප් සහ කෝපා කමිටු මෙම ගැටලුව විසඳීමට කටයුතු කිරීමට කැපවී සිටිනවා.මෙහිදී විගණකාධිපතිවරයාට ප්‍රධාන කාර්යභාරයක් ඉටුකිරීමට තිබෙනවා. වාර්තා ඉදිරිපත් කිරීම පමණක් නොව, හැකි සෑම අවස්ථාවකදීම පියවර ගැනීම සහ දඬුවම් නියම කිරීම සඳහා ඉදිරි පියවර ගත යුතුයි” ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart