
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්‍රියේ පෘථිවි කක්ෂයට ඇතුළු වූ බව පැවසුණු කුඩා ග්‍රාහකයක් පෘථිවිය දෙසට ඇදවැටී තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ, ඊසානදිග රුසියාවට ඉහළින් වායුගෝලයේදී එය දැවී ගොස් දුරස්ථ ඇතැම් පෘථිවි වාසීන්ට විස්මිත ආලෝක සංදර්ශනයක් දැකගැනීමට අවස්ථාව උදාකළ බවයි.
සෙන්ටිමීටර 70 (අඟල් 27.5) ට වඩා අඩු විශ්කම්භයකින් යුත් මෙම ග්‍රහකය, පෘථිවිය සමග ගැටෙනු ඇතැයි ඊයේ මත පළව තිබිණි.
එහෙත් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ එහි බලපෑම හානිකර නොවනු ඇති බවයි.
රුසියාවේ යකුටියා හි පදිංචිකරුවන් විසින් එම ග්‍රාහකය නිරීක්ෂණය කරන ලද පරිදි උතුරු සයිබීරියාවට ඉහළින් අලංකාර ගිනි බෝලයක් ලෙස එය අහස ආලෝකමත් කර කඩාවැටී තිබේ.
නාසා ආයතනය මෙම සිදුවීම “හානිකර නොවන ගිනි බෝලයක්” ලෙස විස්තර කර ඇති අතර ග්‍රහකයේ ප්‍රවේශය ප්‍රථමයෙන් අනාවරණය කිරීම සම්බන්ධයෙන් ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ බොක් දුරේක්ෂයට ගෞරවය හිමිවිය.
C0WEPC5 ලෙස නම්කර ඇති අභ්‍යවකාශ පාෂාණය හමුවේ කිසිඳු හානියක් වාර්තා වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart