December 12, 2025

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව එල්ල වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ දිනමිණ පුත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් විවිධ ප්‍රචාර සිදුකර ඇති අතර, ඔහු බීමතින් සිට නොමැති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රිය අනතුරෙන් පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර තවමත් ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියි.