
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ධාවන ශූර අරුණ දර්ශන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සුදුසුකම් ලබා තිබේ.
ඒ අනුව ඔහු මීටර් 400 පිරිමි ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.
තරුෂි කරුණාරත්න සහ නදීෂා ලේකම්ගේ සමඟින් අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට එක්වනු ඇත.
අරුණ දර්ශන පසුගියදා බහමාස් හි පැවති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරඟාවලියකදී මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ලබා ගත්තේ තත්පර 45.90ක සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමිනි.
චීනයේ පැවැති 2 වැනි ‘එක් තීරයක් – එක් මාවතක්’ ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමටද ඔහු සමත් විය.
ඔහු 2018 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 පිරිමි ඉසව්ව 46.16කින් නිමා කරමින් ජයග්‍රහණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart