May 8, 2025

පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද දිනයේ පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කර තිබේ.

මුලසුනේ මන්ත්‍රීවරයා විසින් කරන ලද දැනුම්දීම් කිහිපයක් නොසලකා හැරීමෙන් අනතුරුව ඔහු සභා ගර්භයෙන් ඉවත් කෙරිණි.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රේගු ආඥාපනත සංශෝධන සම්බන්ධයෙන් පැවැති විවාදය අතරතුර මෙම ගැටළුකාරී තත්ත්වය ඇති විය.