
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට, ලබන අඟහරුවාදා (නොවැ 14) මුම්බායි හි උත්සවාකාරයෙන් පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) රැස්වීමකදී, විශිෂ්ටයන්ට පිදෙන හෝල් ඔෆ් ෆේම්(Hall of Fame) නාමකරණය ලබාදීමට නියමිතය.
අරවින්ද ද සිල්වා ICC හෝල් ඔෆ් ෆේම් වෙත නිල වශයෙන් පිළිගනු ලබන්නේ, මීට පෙර වරප්‍රසාද ලැබූ අනෙකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) සමඟිනි.
1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාවේ වීරයා වන අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග දෙකේදීම 401 වතාවක් ක්‍රීඩාකර ඇත.
අරවින්ද ද සිල්වා ටෙස්ට් තරග 93 කදී ලකුණු 6361 ක් සහ එක්දින තරග 308 කදී ලකුණු 9284 ක් රැස්කර තිබේ.
විශේෂත්වය වන්නේ, අරවින්ද ද සිල්වා අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදී වසර 20කට පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඔහුගේ විශිෂ්ටත්වය හඳුනාගෙන මෙම නාමකරණය ලබාදීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart