
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීළඟ පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අඟහරුවාදා (04) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් තුනක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගු දෙකක් ලබාදීමෙන් අනතුරුව පසුගිය සඳුදා ඔහුගේ ධූර කාලය අවසන් විය.
දැනට පවතින ජ්‍යෙෂ්ඨතා ලේඛනයට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඹ) එල්.එස්.පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර) දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සබරගමුව) පී.පී.එස්.එම් ධර්මරත්න යන ඇතුළු පිරිසක් පොලිස්පති ධූරය අපේක්ෂාවෙන් පසුවෙත්.
මේ අතුරින් ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් නම් තුනක් තෝරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමුකෙරෙනු ඇත.
මේ අතර, මීළඟ පොලිස්පතිවරයා තෝරා ගැනීමේ ප්‍රචාරක කටයුතුද ඇතැම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් මේ වන විට ආරම්භ කර තිබේ.
නව පොලිස්පතිවරයා නම් කිරීම සතියක් පුරා ප්‍රමාද වීම නිසා අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම ඇතුළුව, පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටලු දැනටමත් මතුව ඇති බව වාර්තා සඳහන් කරයි.
(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart