
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර පුදබිම ජලභීතිකා රෝගයෙන් තොර කලාපයක් ලෙස අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ ප්‍රකාශයට පත්කර තිබේ.
පසුගිය වසර හතරක කාලය තුළ ජලභීතිකා රෝග මර්දන වැඩසටහන් ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අනුරාධපුර මහ නගර සභා බල ප්‍රදේශය තුළ ජලභීතිකා උවදුරක් නොමැති බව හෙතෙම සදහන් කරයි.
සෑම වසරකම ලෝක ජලභීතිකා දිනයට සමගාමීව අයාලේ යන සුනඛයන් සඳහා වසර හතරක් අඛණ්ඩව ජලභීතිකා එන්නත් ලබාදී ඇති බවත්, අයාලේ යන සුනඛයන්ගෙන් 90%කට වැඩි පිරිසකට ශල්‍යකර්ම සිදුකර ඇති බවත් ඔහු පැවැසීය.
නගර සභාව මගින් සංවිධානය කරන සායන වෙත සතුන් රැගෙනවිත් ජලභීතිකා එන්නත් ලබාදෙන ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටී.
එසේම, වෙනත් ප්‍රදේශවලින් සතුන් නගරයට ගෙනඒම තවමත් ගැටලුවක් බැවින් සතුන් අතරමං නොවී අසරණ තත්ත්වයට පත් නොවී වගකීමෙන් රැකබලා ගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.
පොසොන් පොහෝ දිනය ඉලක්ක කර ගනිමින් පුදබිම අවට ගැවසෙන සුනඛයින් සඳහා විශේෂ ජලභීතිකා රෝග එන්නත් කිරීමේ වැඩසටහනක් අද (7) සංවිධානය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart