
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලක්ෂ 13ක වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කරයි.
කෙසේවෙතත් අනුර දිසානායකට 50%ක ඡන්ද ප්‍රතිශතයකට ලඟාවීමට නොහැකි වීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් දෙවැනි තෙවැනි මනාප ගණන් කිරීම ආරම්භ කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එලෙස දෙවැනි තෙවැනි මනාප ගණන් කළද ලක්ෂ 13ක වැඩි ඡන්ද සංඛ්‍යාව ඉක්මවීමට අනෙක් අපේක්ෂකයාට නොහැකි බැවින් අනුර දිසානායකගේ ජයග්‍රහණය ස්ථිර බව පෙන්වාදෙන මන්ත්‍රීවරයා, එම ගණන් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකු කලබල වියයුතු නැති බවත් පවසයි.
තවත් පැය කිහිපයකින් අනුර දිසානායකගේ ජයග්‍රහණය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කරනු ඇති බවටත් විජිත හේරත් අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart