
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකට චීනයේ සංචාරයක් සඳහා ද නිල ආරාධනාවක් ලැබී තිබේ.
කැබිනට් ප්‍රකාශක ඇමැතිවෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් නිල වශයෙන් එම ආරාධනය භාරදී ඇති බවයි.
ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරයෙන් අනතුරුව මෙම සංචාරය පිළිබඳ රජය සළකා බලමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, ඉන්දියාවට පැමිණෙන ලෙස ද ජනාධිපතිවරයාට නිල ආරාධනාවක් ලැබී ඇති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් තුන්වැනි සතියේ මෙම සංචාරයේ නිරත වන නමුත් නිශ්චිත දිනයන් මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු අනාවරණ කළේය.
ඉන්දීය සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සංචාරය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart