
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ ප්‍රකාශ කළේ සිය පක්ෂයේ ජයග්‍රහණය කරන අවස්ථාවේ රාජ්‍ය ඇමතිවරයා ජීවත් වෙනවා දැකීමට තමන් කැමති බවයි.
මහනුවරදී පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමින් ඔහු කියාසිටියේ නීතියේ සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමාන නොවන බවත්, එය එසේ නම් ලොහාන් රත්වත්තට නිදැල්ලේ සිටිය නොහැකි බවත්ය.
“ලොහාන් පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේ ඔහු ජීවත්ව සිටින තාක් අපට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදෙන බවයි. අපේ ජයග්‍රහණය දැකීමට ඔහු ජීවතුන් අතර සිටිනු දැකීම සතුටක්. නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමාන බව ඔප්පු කළ යුතුයි. ඒකට හොඳම උදාහරණය ලොහාන්.” ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියේ සියල්ලෝම එක හා සමාන නොවන බව පැවසූ අනුර දිසානායක, මධ්‍යම රාත්‍රියේ අනුරාධපුර බන්ධනාගාරයට පිස්තෝලයක් රැගෙන බීමතින් පැමිණ සිරකරුවන් බියට පත්කළ අයෙකුට තවමත් නිදහසේ සිටිය හැක්කේ එබැවින් බව පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart