
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පත් කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලමින් සඟ සමුළුවක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ.
මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ජාතික භික්‍ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසින් බව වාර්තා සඳහන් කරයි.
ලබන මාර්තු 02වැනිදා මහනුවර නගරයේ දී මෙම සඟ සමුළුව පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතින බව පැවැසේ.
අගාධයකට ගමන් කර ඇති රට අධිරාජ්‍යවාදී බලපෑම්වලින් නිදහස් කරගෙන සෞභාග්‍යය කර ගෙනයා හැක්කේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට පමණක් බව පවසමින් රට වැසියන් පෙළගැස්වීම මෙම සමුළුවේ අරමුණ වී ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart