
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
72 වැනි ලෝක රූ රැජිණ තරඟයේ “Head to Head” වටයෙන් ආසියාවේ ඉහළම පස්දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්වී තිබේ.
මෙම අංශයෙන් අවසන් වටයට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඇය වාර්තා අතරට එක්විය.
“Head to Head” සහ “Talent” යන වට දෙකෙහිම අවසන් වටයට තේරිපත් වූ ආසියාවේ එකම තරඟකාරියද ඇය වීම සුවිශේෂී වේ.
“Head to Head” වටයේ අවසන් තරඟය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරඟ වටයේදී තම පෞද්ගලික ගමන්වල ආරම්භයේ සිට ගෝලීය අභියෝග දක්වා ඔවුන්ගේ හදවත්වලට සමීප ගැටළු පිළිබඳව කතාකිරීමට තරඟකරුවන්ට අවස්ථාව උදාවේ.
එහිදි පළමු වටයේ ධෛර්යයෙන්, පැහැදිලිව සහ විශ්වාසයෙන් යුතුව සිදුකරන ලද කථා රාශියක් දක්නට ලැබුණු අතර, බෞද්ධ ග්‍රන්ථයක් වන ‘ධම්මපදයෙහි’ පාඨයකින් සිය දේශනය ආරම්භ කළ අනුදි ගුණසේකර කැපපෙනිණි.
ඇගේ කතාවට අනුව, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්, ඇතැම් දුෂ්කර කාලපරිච්ඡේදයන්හීදී ලාංකිකයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ ඔසප් දරිද්‍රතාවය අවසන් කිරීම වැනි මාතෘකාවන් පිළිබඳව මුළු මහත් ලෝකයටම හඬනගන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart