May 2, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනූව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

අදාළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව ‍පොලිසිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය, දේශබන්දු තෙන්නකෝන්ට දැනුම්දීමක් ද කර ඇති බව වාර්තා විය.

පොලිසියට තොරතුරු වාර්තා වී ඇත්තේ, ප්‍රබල අපරාධ කල්ලියක්, එලෙස දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජන එල්ල කර ඇති බවටය.