
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවෙන් දිගින් දිගටම ගුවන් අනතුරු වාර්තා වෙමින් තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ඊයේ දිනයේදී ද එවැනි අනතුරක් වාර්තා වූ බවයි.
මෙවර අනතුරට ලක්ව ඇත්තේ යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානයකි.
එම ගුවන් යානය ගුවන්ගත වීමේදී, එන්ජිමක ගිනිගැනීමක් හටගෙන තිබේ.
එම අවස්ථාවේදී බියට පත්වූ මගීන් ගුවන් යානය තුළ සිට ඔවුන් මුදාගන්නා ලෙසත්, යානයෙන් පිටතට ගන්නා ලෙසත් භීතියෙන් කෑ ගසන ආකාරය දැක්වෙන වීඩියෝ විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් යානයේ සිටි සියලු මගීන් සහ කාර්ය මණ්ඩලය ගුවන් තොටුපල බලධාරින් විසින් ආරක්ෂිතව ඉවත්කරගෙන තිබිණි.
එලෙස ගින්නක් හටගෙන ඇත්තේ යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානයක් ටෙක්සාස් හි හූස්ටන් ගුවන් තොටුපළෙන් ගුවන්ගත වීමට සූදානම් වන අවස්ථාවේදියි.
යානයේ එන්ජිම ධාවන පථයේදීම ගිනිගැනීමට ලක්ව තිබේ.
අනතුරින් කිසිඳු මගියෙකුට හෝ කාර් යය මණ්ඩල සාමාජිකයෙකුට හානි සිදුව නොමැති බව හූස්ටන් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
අදාළ යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානය මගීන් 104 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සමඟ නිව්යෝර්ක් නගරයේ LaGuardia ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් සිටියදී ගින්න ගටගෙන තිබේ.
කෙසේවෙතත් බලධාරීන් විසින් එම මගීන් පිරිස වෙනත් ගුවන් යානයකින් ඔවුන්ගේ ගමනාන්තය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබිණි.
ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අමෙරිකානු බලධාරීන් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart