
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
2025 අප්‍රේල් 6 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) වගන්තියේ විධිවිධාන අනුව, වැඩබලන පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මෙම පුරප්පාඩුව පිළිබඳව දැනුම් දී ඇත.
1988 අංක 35 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත මගින් සංශෝධනය කරන ලද 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර ඇත.
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර ඊයේ (6) හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.
කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වන විට 38 වැනි වියේ පසුවිය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart