
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආදායම ප්‍රාථමික අංශය ඵලදායිතා සංකල්පය කරා සංවර්ධනයට
කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා පිළිඹිඹු කරමින් 10 වැනි වරටත් සංවිධානය කරන ‘ආනන්දා ගී රංගා’ ප්‍රසංගය දෙසැම්බර් 18 වැනිදා සිට පුරා දින 06ක් ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
දරුවන් 1500 ක් සහභාගී වන මෙම ප්‍රසංගය වේදිකා නාට්‍ය, ළමා ගීත, දේශාභිමාන ගීතවලින් වර්ණවත් කිරීමට නියමිතය.
මෙමගින් රටට දැයට හිතැති සෞන්දර්ය මිනිසකු බිහිකිරීම මෙන්ම කලාව සාහිත්‍ය හා රසවින්දන පිළිබද අපූර්ව අත්දැකීම් ගොඩනැගීම උදෙසා ප්‍රාථමික අංශයේ දරුවන් යොමුකිරීම විදුහල්පතිවරයා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ අපේක්ෂාවයි.
“ආනන්දා ගී රංගා“ ප්‍රසංගයේ ආදායම පාසල් සංවර්ධන සමිති ගිණුම හරහා ප්‍රාථමික අංශය තුළ ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක කරමින් සංවර්ධන කටයුතු සදහා යෙදවීම අරමුණ බව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක පවසයි.
මෙම ප්‍රසංගය දෙසැම්බර් 18 , 19, 20, 21, 22 ,හා 23 දිනයන්හි පස්වරු 04.30 සිට ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart