July 9, 2025

2026 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ සියලුම ද්විතීයික පාසල් සඳහා අන්තර්ජාල ප්‍රවේශය ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය පැවසුවේ මේ සඳහා පාසල්වලට රුපියල් 5000 ක වටිනාකමින් යුතු සීමාරහිත දත්ත පැකේජ හඳුන්වා දී ඇති බවයි.

පාසල් දහසකට පමණ ස්මාට්බෝඩ් ඇතුළු පරිගණක උපකරණ ලබාදීමට යෝජනා කර ඇති බවත්, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඇය පෙන්වාදුන්නේ, පාසල් 1500කට ස්මාර්ට් පුවරු 1900ක් බෙදාදීමට තීරණය කර ඇති බවයි.

‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ ගුවන් හමුදාවේ සහාය ඇතිව ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් සංවර්ධනය වෙමින් පවතින බව ද ඇය පැවසුවාය.