
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් ලෝක කුසලානයට එක්ව සිටින කණ්ඩායම් 10ම තවමත් පිළිමළුන් පිටුදැකීමේ අදියරේ ස්ථානයක් හිමිකර ගැනීමේ දඩයමක යෙදී සිටින අතර, එංගලන්තයද ඇතුළුව තවමත් කිසිදු කණ්ඩායමක් ගණිතමය වශයෙන් මෙම අදියරෙන් ඉවත් කර නොමැත.
ඔක්තෝබර් 30 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ තීරණාත්මක ජයග්‍රහණයෙන් පසු තත්වය මෙසේය.
ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ නෙදර්ලන්තය සමඟ තරගාවලියේ තරග 06 කදී ප්‍රසාද ලකුණු 04 ක් ලබා සිටියි.
ශ්‍රී ලංකාවට අවසන් වටයට තවමත් සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් තිබේද?
“තරග හයකින් ප්‍රසාද ලකුණු 04ක් ලබා සිටින ශ්‍රී ලංකාව සිටින්නේ පාකිස්ථානය සහ නෙදර්ලන්තය සමඟ එකම බෝට්ටුවකය. තත්වය භයානකය. නමුත් ඔවුන් තවමත් එයින් සම්පූර්ණයෙන්ම ඉවත් වී නැත. කණ්ඩායම් දෙකක් ලකුණු 12 ක් හෝ ඊට වැඩි ගණනකින් අවසන් කළ හැකි අතර, කණ්ඩායම් 07ක් පමණ ස්ථාන දෙකක් සඳහා සටන් කරමින් ළකුණු 08න් අවසන් කිරීමේ ඉඩකඩ පවතී” යැයි ESPN Cricinfo වාර්තා කර ඇත.
“ඉන් අදහස් වන්නේ තවමත් ලකුණු 10 කින් අවසන් කළ හැකි ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ නෙදර්ලන්තය මෙන් අවිනිශ්චිත තත්වයක සිටින බවයි. කෙසේවෙතත්, ඔවුන් මේ දක්වා කෙතරම් දුර්වල ලෙස ක්‍රීඩා කර ඇත්ද යන්නත්, ඔවුන්ගේ ඉතිරි තරඟ තුනෙන් දෙකක් ඉන්දියාවට සහ නවසීලන්තයට එරෙහිව වීමත් සමඟ, ඔවුන්ට ප්‍රගතියක් ලැබීමේ අවස්ථා තරමක් අඩු ය. යැයි Cricinfo වැඩිදුරටත් වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart