
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හයේෂිකා ප්‍රනාන්දු නොහොත් ‘ටීචර් අම්මා’ නමැත්තියට අයත් කටාන ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක් තුළදී පසුගිය (06) වැනිදා 24 හැවිරිදි තරුණියකට ලිංගික අතවර සිදුකිරීමට තැත්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න කටාන පොලිසියට නියෝග කර තිබේ.
එම නඩුවේ සැකකරු වන 19 හැවිරිදි රිතික් ක්‍රිෂාල් අගලවත්ත නමැති තරුණයා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත්, එම නඩුව ලබන ජූලි (16) වැනිදා යළි කැඳවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
අධිකරණය විසින් ලබාදී තිබූ නියෝග හා තීරණ හෑල්ලුවට ලක්කරමින් සැකකාර තරුණයාගේ මාපියන් ඇතුළු පිරිසක් එම සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය සාකච්ඡා පවත්වා ඇති බවත්, එබැවින් මින් මතුවට එවැනි ජනමාධ්‍ය සාකච්ඡා පවත්වන්නට ඉඩ නොදෙන ලෙසට ඉල්ලා සිටින බවත් අගතියට පත් තරුණියගේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ගීත්ම ප්‍රනාන්දු අධිකරණයට කරුණු දැක්වීය.
එම නඩුවට හේතු වු සියලු කාරණා සම්බන්ධයෙන් අධිකරණය විසින් නීත්‍යනුකූල නියෝග නිකුත් කර ඇති බැවින් ඒ සඳහා වාරණ නියෝගයක් නිකුත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අතිරේක මහෙස්ත්‍රාත්වරිය අගතියට පත් පාර්ශවයට පෙන්වා දී ඇත.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ජයනි පෙරේරා කළ කරුණු දැක්වීම් අනුව, සිය සේවාදායකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට නේවාසිකව ප්‍රතිකාර ලබන බව සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එලෙස නඩුව කල්තැබීමට නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart