
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකිරීමට ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය තීරණය කර තිබේ.
ඉදිරි දින කිහිපය තුළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගන්නා එම ඒකයේ ප්‍රකාශකයෙක් පවසයි.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අත්‍යාංශයේ මාධ්‍ය ඒකකය ඊයේ (16) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ක්‍රිකට් තේරීම් කට්ටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා (14) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ 2019 අංක 14 දරණ ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතට ගැනෙන තරග පාවාදීම්, දූෂණය, නීති විරෝධි මෙහෙයවීම, නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන කාරණවලට අදාළ තොරතුරු පිළිබඳ ඔහු දැනුවත් වී සිටින බවට ප්‍රකාශ කර තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් පනතට ප්‍රකාරව විධිමත් පරීක්ෂණයෙන් පවත්වන ලෙස ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකයට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ දැනුම් දුන් බවයි.
ක්‍රිකට් තේරීම් කට්ටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඔහු විසින් සිදු කරන ලද අදළ ප්‍රකාශයන් තුළින් බරපතල තත්ත්වයන් නිර්මාණය වෙමින් ඒ පිළිබඳව විශාල සමාජ කතිකාවක්ද ඇති වෙමින් තිබෙන බැවින් තමන් ඒ සම්බන්ධයෙන් විර්ශනයක් ඉල්ලා සිටීමට පෙළෙඹ වූ බව ක්‍රීඩා ඇමැතිවරයාගේ අදාළ මාධ්‍ය නියවේදනයේ වැඩිදුරටක් දැක්වේ.
පසුගිය අඟහරුවාදා (14) දීර්ඝව කරුණු දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදෙමින් සිටින ඛේදවාචකය බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක ප්‍රථිපලයක් බවයි.
පසුගිය වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමේදී ලද අත්දැකීම් තුළින් එය නිරීක්ෂණය වූ බවත්, ශ්‍රී ලංකාවට පැනවෙන ක්‍රිකට් තහනම එකී ක්‍රියාවලියේ ප්‍රථිපලයක් බවත්, ඔහු සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල සඳහාවන බල පොරයන්ට හවුල් පුද්ගලයන්ද තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන්ද ආත්මාර්ථකාමීත්වය පදනම්ව ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කර ගැනීමට වෙර දරන පුද්ගලයන්ද මෙම සිදුවීම පිටිපස සිටින බවට සමාජ මාධ්‍යන් ඔස්සේ වඩාත් නිරීක්ෂණය වූ බවත්, ඒ සඳහා අත දිගහැර වියදම් කළ ඔවුන්ගේ අරමුණ වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය බිඳදැමීම බවත්, ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
වර්ෂ 2021 පෙබරවාරි මාසයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ස්ථාපිත කළ ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත යටතේ පුළුල් බලතල සහිතව ස්ථාපිත කළ පොලිස් ඒකකයකි.
එය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට ඍජුව වගකියන පොලිස් ඒකකයක් වීම එහි විශේෂත්වය වේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart