
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ප්‍රබලයකු කඩිනමින් ඇත්ඩංගුවට ගැනිමට නියමිත බවට දේශපාලන ලෝකයේ කතාබහක් ඇති වී තිබේ.
2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරයේ විමර්ශන නව රජය බලයට පත් වීමෙන් පසු යළි ආරම්භ කරනු ලැබිණි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ පසු එකළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකරහා එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ඉවත් කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානයක බලයට පත්වීමෙන් පසු එසේ ඉවත් කරන ලද රවී සේනවිරත්න නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ලෙසත් ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනම යටතේත් පත් කර පාස්කු ප්‍රහාරයේ විමර්ශනය කඩිනමින් කිරීමට උපදෙස් දෙනු ලැබිණි.
එම විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ද දඹුල්ලේ පැවති ජන හමුවකදී අදහස් දක්වා තිබිණි.
එහිදී ඔහු සඳහන් කළේ “පාස්කු ප්‍රහාරය ගැන හොයනවා, මතක තබා ගන්න. කවුරුවත් කලබල වෙන්න එපා, හෙට අනිද්ද වෙනකොට හොඳ ප්‍රවෘත්තියක් දෙකක් එයි ඒ ගැන” යනුවෙනි.
දේශපාලන බලය උපයෝගී කරගෙන මිනිස් ඝාතන කළ යුගය අවසන් කරන බවත් එවැනි ඝාතනවලට සම්බන්ධ සියලුදෙනා අධිකරණය හමුවට පමුණුවන බවත් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart