
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටාන කඳවල ප්රදේශයේ පිහිටි ගෙවත්තක කංසා පැළ තවානක් පවත්වාගෙන ගිය බව කියන කටුනායක ගුවන් තොටුපොළේ පෞද්ගලික පවිත්රතා අංශයක සේවකයෙක් කොච්චිකඩේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (17) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ගෙවත්තේ වගා කරන ලද කංසා පැළ වියළා ගුවන්තොටුපොළේ සැකකරු සමග සේවය කරන ඇතැම් සේවකයන්ට, මීගමුව සහ කොච්චිකඩේ යන ප්රදේශවලටද අලෙවි කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ගෙවත්තේ වගා කර තිබූ කංසා පැළ හතළිහක් පමණ පොලිස් බාරයට ගෙන ඇත.
මාස අටක පමණ කාලයක් තිස්සේ සිට සැකකරු මෙම වගාව සිදුකරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart