
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු සඳහා කොන්ක්‍රීට් ලබා ගැනීම වෙනුවෙන් කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයකට සම්බන්ධ කර තිබූ නළයක් හදිසියේ පුපුරා යෑමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් එම රෝහලේ 15 වැනි වාට්ටුවේ වහලය මතට කොන්ක්‍රීට් වැටී සිවිලිම කැඩීකොස් තිබිණි.
මේ හේතුවෙන් එම වාට්ටුවේ සිටි මව්වරුන් තිදෙනෙකු, දරුවන් පස් දෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක තුවාල ලබා තිබේ.
මහල් හතරක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු සඳහා මෙලෙස කොන්ක්‍රීට් ලබා ගැනීමට කටයුතු කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල රෝහල් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart