
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනීසිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර පොලිස් වසමේ ගාල්තැන්න පාරේ දළුක්ගොල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිට ඇති මෙම අමෙරිකානු ජාතිකයා 2023-12-31 වැනිදා මෙරට වීසා ලබාගෙන පැමිණ ඇති අතර, ඔහුගේ වලංගු වීසා කාලය 2024-03-30 වැනි දින කල් ඉකුත් වී තිබේ.
ඔහු ඉන් ඔබ්බට මෙරට රැඳී සිටීමට වීසා යාවත්කාලීන කර නොගෙන ඇති බව පොලිසිය කියයි.
ඔහුගේ අමෙරිකානු ගමන් බලපත්‍රයේ ආරියරත්න සංජීව සේනක ආරියරත්න වශයෙන් නම සඳහන්ව ඇති බවත්, 2024-12-21 ගාල්තැන්න පාරේ හෝටලයට පැමිණ ඔහු වැඩි වශයෙන් එහි කාමරය තුළ රැඳී සිටිමින් ලැප්ටොප් පරිගණකය භාවිතා කරමින් සිට ඇති බවත් හෝටල් සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart