
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාවට පහරදීම සඳහා අමෙරිකාව විසින් සපයන ලද දිගු දුර මිසයිල භාවිත කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට කොළ එළියක් නිකුත් කර තිබේ.
අමෙරිකානු ප්‍රතිපත්තියේ විශාල වෙනසක් වන මෙම පියවර සම්බන්ධයෙන් අමෙරිකානු නිලධාරියකු විසින් බීබීසී ලෝක පුවත් සේවයේ අමෙරිකානු මාධ්‍ය සගයා වන CBS පුවත් සේවය වෙත තහවුරු කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
මාස ගණනාවක් පුරාවට, යුක්රේනයේ ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ATACMS ලෙස හඳුන්වන මිසයිල සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස අමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
ඔහු එහිදී ඉල්ලීමක් කළේ, තමන්ගේම දේශසීමාවෙන් පිටත ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනයට ඉඩ සලසන ලෙසයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මීට පෙර බටහිර ජාතීන්ට එවැනි පියවරකට එරෙහිව අනතුරු ඇඟවූ අතර, එය යුක්රේන යුද්ධයට නේටෝ හමුදා සන්ධානයේ සෘජු සහභාගීත්වය නියෝජනය කරන බව ද පැවසුවේය.
අනෙකුත් ජ්‍යෙෂ්ඨ ක්‍රෙම්ලිනයේ දේශපාලඥයන් එය බරපතල තත්වය උත්සන්න වීමක් ලෙස විස්තර කර තිබේ.
කෙසේවෙතත් අමෙරිකාවේ නීති සම්පාදකයන් පවසන්නේ අමෙරිකාවේ මෙම තීරණය තුන්වැනි ලෝක යුද්ධයට අතවැනීමක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart