
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ RM Parks සමාගම යටතේ ස්ථාපිත කළ මෙරට පළමු ෂෙල් (Shell) ඉන්ධන පිරවුම්හල විවෘත කිරීම අද සිදුවිය.
එම අවස්ථාවට එක්වෙමින් මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් පැවසුවේ ඇමෙරිකාව වඩාත් සුරක්ෂිත, ශක්තිමත් සහ සෞභාග්‍යමත් කිරීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැක්මට සමගාමීව, අද පැවැත්වෙන උත්සවය එක්සත් ජනපදය ගෝලීය බලශක්ති ප්‍රමුඛයකු ලෙස ශක්තිමත් කරන බවයි.
විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ විවෘතභාවය සහ සියලු ව්‍යාපාර සඳහා යහපත් මට්ටමේ ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීම ද එමගින් ඉස්මතු කරන බව ඇය පැවසුවාය.
එමෙන්ම මෙම විවෘත කිරීම යතුරුපැදිකරුවන්, මෝටර් රථ රියදුරන්, ත්‍රිරෝද රථ රියදුරන්, ට්‍රක් රථ රියදුරන් යන සියලුම ශ්‍රී ලාංකික රියදුරන් සඳහා විශේෂ අවස්ථාවක් මෙන්ම වෙළඳපොළට තරඟකරුවන් එකතු කිරීම ඔවුන්ට වඩා ගුණාත්මක සහ නිෂ්පාදන විකල්පයන් ලබාදෙන බව ද අමෙරිකානු තානාපතිවරිය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart